අන්තර්ජාතික
සිනමා උළෙල එකළු කළ තාරුකා
ස්වරූපය - Feature Film
අධ්‍යක්ෂණය - ශමීර රංගන නාඔටුන්න
ධාවන කාලය - පැ.1.වි.96
ස්වරූපය - Feature Film
අධ්‍යක්ෂණය - ශමීර රංගන නාඔටුන්න
ධාවන කාලය - පැ.1.වි.96
කාපට්
පාරක කරණම් ගැසූ ලුම්පත්වාසියාගේ දඩුමොණරය
මෝටර් බයිසිකල්
මෝටර් බයිසිකල්
මම
නයි නටවන පවුලක ඉපදුනානම්
මම නයාව නටවනවා
මම ලස්සන රොඩි කෙල්ලෙක් වුණා නම්
අත අල්ලල හිත කියවනවා..
මම නයාව නටවනවා
මම ලස්සන රොඩි කෙල්ලෙක් වුණා නම්
අත අල්ලල හිත කියවනවා..
රංගනට තිබිච්ච හීන මේ වගෙයි.හරිම පුංචියි. හැබැයි ඒ
හීනවල පුංචි ආධිපත්‍යමය ලක්ෂණයකුත් නොතිබුණා නෙමෙයි.ඒත් රංගන තමුන්ට අයිති නැති
දේවල් කරන්න කවදාවත් හිතුවෙ නැහැ. ඔහු තමුන්ට ලැබුණු සමාජීය ඉඩ ඇතුලෙ උපරිමය
විදින්න උත්සහ කළා..නයි නටවන පවුලක ඉපදුනානම් විතරයි නයි නටවන්නේ...රොඩී කෙල්ලෙක්
වුනාම විතරයි අත අල්ලල හිත කියවන්නේ.. ඒ කියන්නෙ බැරි දේවල් කරන්න එයා කවදාවත්
උත්සහ කළේ නැහැ. රංගන ඉපදුනේ දේපළක් නැති පවුලක රස්සාවකුත් නැති කොල්ලෙක් වෙලා...
ඒ හන්දා එයා කරන්නෙ එයාට පුළුවන් දේ විතරයි. ඒ තමයි සින්දු කියන එක..
බ්ලූමැන්ඩල් පාරේ කුණු කන්ද ළග වත්තේ තමයි රංගනගෙ ගෙදර
තිබුණෙ.එයාටත් අනෙක් හැමෝටම වගේ හීනයක් තිබුණා.ඒත් ඒක හරි අපැහැදිලි ඒත් හුගක්
ලස්සන හීනයක්.කවදහරි සුපර්ස්ටාර් කෙනෙක් වෙලා හැමෝගෙම ආදරය ලබන්න.ටානියාගෙ අම්මල
තාත්තලගෙ හිත දිනාගන්න.ගෙයක් හදන්න.වාහනයක් ගන්න.ඒත් සමීරගෙ සින්දු සමහරුන්ට
දිරවන්නෙ නැහැ.අහන් ඉන්න බැහැ කියල එලවනවා.පරණ පරම්පරාවෙ අය අළුත් පරම්පරාවෙ
අයගෙන් ජෝතිගෙ සින්දු ඉල්ලනවා.ඒත් රංගනලගෙ පරම්පරාවට අතීතයෙ පදපේලි අමතකයි.උන්
දුවන්නෙ ජීවත් වීමෙ අරගලය එක්ක.අනෙක් පැත්තට ගත්තම මේවයෙ යටිපෙල අරුතකුත්
තියෙනවා.ඉතිහාසය හරියට ගලපගන්න බැරි එවුන් සුපර්ස්ටාර් හීන මවනවාද කියන එක. ඒ
කොහොම වුණත් රංගනගෙ වචන අස්සෙ තියෙන්නෙ ජීවිතය.උන්ට සිංදු කියල අතේ සතයක් නැතිව
ආපහු හැරිල එන්න තියෙන්නෙ එකෙක් අනෙකව බිල්ලට ගන්න පාරක.ඒවුණත් එයා එයාගෙ හීනෙ
එක්ක තාමත් ජීවත් වෙනවා.කොල්ලෙක් වුණාම කෙල්ලෙක් ඉන්න ඕන. සමීරට හිටියා
සුරංගනාවියක් තරමට ලස්සන පෙම්වතියක්.ඒත් එයාගෙ හීනයට ඉගිල්ලෙන්න බැරි එක අඩුවක්
තිබුණා.ඒ මෝටර් බයිසිකලයක්...
කාංසියට හීන දකිනවා මිස දකින හීන හැබෑ කරගන්න පුළුවන්
විදිහෙ කිසිම දෙයක් රංගනට තිබුණෙ නැහැ.එයාට වාරික වශයෙන් ගෙවන්න භෞතික භාණ්ඩයක්වත්, එයාගෙ ආත්මය නඩත්තු කරන්න පෙම්වතියක්වත් ලබා ගන්න බැරි
එකම හේතුව වුණේ විරැකියාව.වෝටර් බෝඩ් එකේ වැඩ කරපු එකා ගෙවන්න බයික් එක ගෙනියද්දි
අලුත්ම බයිසිකල් අතගගා හිටපු රංගන අවසානෙදි අම්මගෙ මාලෙ බැංකුවට තියලා හොරාට
උස්සපු බයික් එකක් ගන්නවා.ඒක බැලූ බැලුමට මෙලෝ රහක් නැති කබලක්.ඒත් රංගනට නම් ඒක
දඩුමොණරයක්.එයා මුලින්ම දඩුමොණරෙ අරන් ඉගිල්ලෙන්නෙ එයාගෙ යාළුවො ටික බලන්න.
‘මම බඩුවක් ගෙනාවා..’එයා
අනුන්ගෙ ගොඩනැගිල්ලක උඩුමහලෙ කාමරේකට වෙලා හීන දකින යාලුවො රොත්තට කියනවා.හැබැයි
උන් ‘බඩුව’ කියන එක තේරුං ගන්නෙ වෙනස් විදිහකට. "බලහල්ලා
"... අන්තිමේ රංගන උන්ට ආරාධනා කරනවා ..
මේ අවස්ථාව විශ්වජිත් කරුණාරත්නගේ කැමරාවෙන් කියවන්නෙ
හරිම සුන්දර විදිහකට.ඒ කියවීම අපි විදින්නේ විශිෂ්ඨ ගණයේ High
Angle එකකින් . ලුම්පත් වාසීන් සහ දඩු මොණරය.ඒ රූපරාමුව ලාංකීය
තාරුණ්‍යය ආර්ථික සහ සමාජීය සාධක එක්ක වෙච්ච නන්නත්තාරය මනාව පෙන්වන්නක්.මොකද
අනුන්ගෙන් උස්සපු කබල් මෝටර් බයිසිකලයක් වුණත් උන්ට හරි දුරයි..හරියට මධ්‍යම
පාන්තිකයො මහ පොළවෙ ඉදන් හඳ දිහා බලන් ඉන්නවා වගෙයි..දුර ඉදන් තමන්ගෙ වස්තුව දිහා
බලන් ඉන්න යාලුවන්ට රංගන උතුරා යන සතුටින් මෙන්න මෙහෙම කියනවා..
උඹලට
ඕන වෙලාවක ඉල්ලහල්ලා ..මම දෙන්නං...
***
ප්ලාස්ටික් කුකුල්ලු පස්දෙනෙක් සමචතුරස්‍රාකාර කොටුවක වටේට ඉදන් මැද්දට අනිනවා.රංගනට වගේ දෙගුණයක් වයස ඇති මුඛරි වෙළෙන්දා ටේප් එක දැම්මා වගේ එයාට පුරුදු මාකටින් සිංදුව ගයනවා.ඒත් පාරිභෝගිකයගෙ ස්වභාවයට අනුව ආමන්ත්‍රණය වෙනස් කරගන්න ඔහු අසමත්.තමන්ගෙ පුතා වගේ එකාටත් ඔහු අයිය කියනවා.කුකුල්ලු ටික වටේ නොගියත් මැද්දට කොටනවා.
***
ප්ලාස්ටික් කුකුල්ලු පස්දෙනෙක් සමචතුරස්‍රාකාර කොටුවක වටේට ඉදන් මැද්දට අනිනවා.රංගනට වගේ දෙගුණයක් වයස ඇති මුඛරි වෙළෙන්දා ටේප් එක දැම්මා වගේ එයාට පුරුදු මාකටින් සිංදුව ගයනවා.ඒත් පාරිභෝගිකයගෙ ස්වභාවයට අනුව ආමන්ත්‍රණය වෙනස් කරගන්න ඔහු අසමත්.තමන්ගෙ පුතා වගේ එකාටත් ඔහු අයිය කියනවා.කුකුල්ලු ටික වටේ නොගියත් මැද්දට කොටනවා.
පිට
යන්නෙත් නෑ
වටේ කන්නෙත් නෑ
අයියෙ පහම සීයයි
ලාබ නං අරන් යන්න
ලෝබ නං කැපිල යන්න...
වටේ කන්නෙත් නෑ
අයියෙ පහම සීයයි
ලාබ නං අරන් යන්න
ලෝබ නං කැපිල යන්න...
ඔහු කෑ ගහන්නෙ ලතාවකට.ඒත් රංගන ඒ ගැන කිසිම තැකීමක්
නැහැ. රංගනලගෙ පරම්පරාවට රූම් එකකට යන එක සාමාන්‍ය දෙයක් වුණා වගේම කිරිල්ලියෙක්
එක්ක කූඩු වෙන එක , උන්ගෙ පැටවුන්ට කෑම හොයන එක
ඇත්තටම හීනයක් වුණා..රංගන ඇත්තටම කොහේද මේ බලන් ඉන්නෙ. ඒකාකාරි මුහුණු වලින්
පිරුණු ජන ගංගාව අතරින් එකපාරටම මතුවෙනවා ලස්සනම ලස්සන සුරංගනාවියක්..ඒ තමයි
ටානියා. මේ දෙන්නත් හරියට ලිපිනයක් නැති ලියුම් කවර වගේ.පුංචි ගමනක වුණත් සැලසුමක්
නැති දෙන්නෙක් දිගු ගමනක් යන්න ප්‍රාර්ථනා තියාගන්න එක මේ වගේ රටක් ඇතුළෙදි නං
කාලකණ්නි කමක්.
කොහෙද යන්නෙ?ටානියා
අහනවා. ෆිල්ම් එකක් බලමු? ඒ රංගන...
චිත්‍රපටය ආරම්භයේ ඉදන්ම ටානියා ඉන්නෙ තිගැස්මෙන්.ඒ
කියන්නෙ ඇය රිලැක්ස් නැහැ.ඒත් ඇයට පාවෙන්න ඕන සුළග වගේ.ඒක තමයි ඇගෙ ප්‍රකෘතිය.ඒත්
අපි දකිද්දි ඒක ඇගෙන් ගිලිහිලා ගිහිල්ලා.තටු කපාපු ගතිය මුල ඉදලම ඒ මුහුණෙ
ලියවිලා. රංගන ටිකට් අරන් ඉවර වෙද්දි ටානියා හෝල් එකෙන් එළියට පැනලත් ඉවරයි.එයා
බයේ ගැහෙනවා...අපි යමු අනේ ..ඇය කෙදිරි ගානවා...රංගන හූල්ලනවා.ඒත් ටානියාව දාලා
ඔහුට තනිව ගමනක් යන්න බැහැ...අපි යමු පාර්ක්...ටානියා හුරතලේට කොදුරනවා...රංගන
ලස්සනට හිනාවෙලා ඔලුව හොල්ලනවා...
***
‘මේ නිවේදනය අර ගස යට සිටින ආදරවන්තයන් දෙදෙනාටයි.නිල්පාට ෂර්ට් එක එක සහ රෝස පාට බ්ලවුස් එක ඇඳ සිටින දෙදෙනා ගේ හැසිරීම අසංවර නිසා කරුණාකර උද්‍යානයෙන් ඉවත් වන්න. මීට පෙරද ඔබට නිවේදන දුන් නමුත් එය නෑසුනා සේ සිටීම ගැන කණගාටුව පළකරමි.’
‘මේ නිවේදනය අර ගස යට සිටින ආදරවන්තයන් දෙදෙනාටයි.නිල්පාට ෂර්ට් එක එක සහ රෝස පාට බ්ලවුස් එක ඇඳ සිටින දෙදෙනා ගේ හැසිරීම අසංවර නිසා කරුණාකර උද්‍යානයෙන් ඉවත් වන්න. මීට පෙරද ඔබට නිවේදන දුන් නමුත් එය නෑසුනා සේ සිටීම ගැන කණගාටුව පළකරමි.’
.අනේ අපි යං අනේ..ඒ ටානියා ..
ඊට පස්සෙත් අවිධිමත් චාරිකාව පුරාම මේ දෙන්නා මුහුණ
පාන්නෙ අනපේක්ෂිත අභාග්‍යයන්ට.ඒ අභාග්‍යය මුලු තරුණ පරම්පරාවටම පොදුවේ දැනෙන එකක්
මිස ඒ දෙන්නට විතරක් පෞද්ගලික වෙච්ච එකක්ය කියන එක අපට හිතෙන්නෙ නැහැ.ගමනාන්තයට
ආවම මුහුද දිහා බලාගෙන රංගන එයාගෙ බලාපොරොත්තු ගැන කියනවා.ඒවා හරියට ලොතරැයියක්
ඇදෙනවා වගේ අහඹු ඒත් ඉතාම සුන්දර ඒවා.ඒ නිසා ඒවට කටපුරා හීන කියලා කිව්වෑකි. මේ
සේරම අහං ඉදල අන්තිමේ ටානියා තමන්ගෙ හීන ගැන කියවනවා. එකට නිදාගත්තු දෙන්නෙක් හීන
දෙකක් දැක්කම ඇත්තටම මොකද වෙන්නේ?
***
අම්මගෙ මාලේ උගස් බඩු කඩේ
සමනළ කාලේ මොකටද කදුලු මේ
ඔය දෙතොල් සිපගන්න
සිහිනයට පණ දෙන්න
මොහොත ආවා...
තව චුට්ටක් ඉවසන්න
යාළුවෙක් වගේ ඉන්න
මොහොත ආවා...
අම්මගෙ මාලේ උගස් බඩු කඩේ
සමනළ කාලේ මොකටද කදුලු මේ
ඔය දෙතොල් සිපගන්න
සිහිනයට පණ දෙන්න
මොහොත ආවා...
තව චුට්ටක් ඉවසන්න
යාළුවෙක් වගේ ඉන්න
මොහොත ආවා...
තමුන්ගෙ හැගීම් ගීතයක් විදිහට පසුබිමට මුසු වෙද්දි සමීප
රූපරාමු පේළියක් ඇතුළේ රංගන වේදනාවෙන් හඩනවා. ඊට පස්සෙ ඔහු පයින් ඇවිදන්
යනවා.අන්තිමේ ආපහු නගින්නෙ අනුන්ගෙ මෝටර්සයිකලේකට .අනුන්ගෙ වාහනවල නැගලා තමන්ගේ
ගමනක් යන්න ඔහුට පුළුවන් වේවිද?
කොහොම වුණත් මෝටර්බයිසිකල් මිනිසුන්ට ගොඩක් දැනුනා.ඒ
දැනීම නිර්මාණයට බද්ධ වෙන්න වඩාත්ම හේතුවෙලා තිබුණේ අධ්‍යක්ෂවරයා සමාජය එක්ක
සිදුකර ඇති ප්‍රායෝගික ගනුදෙනුවයි. ඔහු සමාජයේ කරක්ගසන්නෙක් හෙවත් සුන්දර
රස්තියාදු කාරයෙක් බව ඉතා හොඳින් පැහැදිලි වුණා.ඔහු හිතේ උපන් වස්තුබීජය ඇතුළට තමා
අත්විදි සත්‍යය මිශ්‍ර කරල ගලපන්නෙ හරි අපූරුවට.විහාර මහා දේවි එකේ පෙම්වතුන්ට නලා
පිඹින අංකල් ඔහුට ඇත්තම හමුවුන චරිතයක්, ඒ
වගේම අර අපූරු කුකුල් වෙළෙන්දා කිරුළපන ට්‍රැෆික් ලයින් එකේදි දකින්න පුළුවන්
චරිතයක්.ඒ වගේම සියළුම අවස්ථා සත්‍ය පසුතල වල (Real locations) රූ ගත කිරීම තවත් විශේෂත්වයක්.වර්තමාන ඛේදවාචකයක නිරූපණ
අඩුවීමේ භාග්‍යය හෙවත් සත්‍ය සත්‍ය වශයෙන්ම ගෙන හැර දැක්වීම ඔහුගෙ සාර්ථකත්වයට
හේතු වූ බවකුයි මම නම් දකින්නෙ.තාරුණ්‍යයේ විරැකියාව, ඔවුන්ගේ ආදරය සහබද්ධ චරිත විසින් වටහා නොගැනීම වගේම
විවාහය කියන ගණුදෙනුවෙ වර්තමාන ස්වභාවයත් ඔහු අපූරුවට කතාකරනවා.මට මතක් වෙනවා
රංගනට සහ ටානියාට මේ අවිධිමත් සංචාරය අතර මගදි හමුවන වෙඩින් ෂූට් එක.මනාලයට
තියෙන්නෙ මොංගල් පෙනුමක්.මනාලිය බයෙන් වෙව්ලනවා.මේක සමහර විට ටානියාගෙ අනාගතයද? රංගනට වගේම අපටත් හිතෙනවා.
නංගි ඔය අයියට හේත්තු වෙලා ..කුරුල්ල දිහා බලන්න ..කැමරා
පොර කෑගහනවා..නරඹන්නො හිනාවෙනවා.
සමනළී ෆොන්සේකා මේ චරිතය තුළ සැබෑවටම ජීවත්
වෙනවා.අනුෂ්කා ෂර්මාගෙ තියෙන දාංගලය, හුරතල්
කටහඩ ඒ ඔක්කොම අස්සෙ තියෙන බැරෑරුම් කම මම හැමදාම සමනළීගෙ රංගනය තුළින් දැකපු
දෙයක්.ඒක තියුණු වෙච්ච එක් අවස්ථාවක් තමයි මෝටර් බයිසිකල් චිත්‍රපටය.ඒ වගේම දසුන්
පතිරණ අස්ථාවර බව, වේගවත් බව සහ එකවර නතර වීම කියන
සිද්ධාන්ත ඇතුළෙ කරකැවෙන රංගනගෙ චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරනවා.ඔහුගෙ චරිතය
පසුපස ඉදන් දැවැන්ත හයියක් දෙන අදෘශ්‍යමාන බලවේගයක් තමයි අජිත් කුමාරසිරි.අජිත්
කියන්නේ ලස්සන සහ නැලවිලි සහගත බව සංගීතයෙන් මුලුමනින්ම ඉවත් කොට එය සමාජීය කටහඩක්
බවට පත් කරන්නට උත්සහ කළ කෙනෙක්.සාමාන්‍යයෙන් අපි ගීතයක් හෝ සංගීතයක් විදින්නට
හුරුවෙලා තියෙන්නේ හඩෙහි ඇති ලාලිත්‍යයට බද්ධ වීම තුළිනුයි.ඒ හන්දා හඩ පමණක්
විදිද්දී මට අජිත්ව විලාපයක් විදිහට දැනුනු අවස්ථා තිබුණත් එය සමාජීය කතිකාවතක්
එක්ක බද්ධ වුණාම මොනතරම් තියුණුවට දැනෙනවද කියන එකට මෝටර් බයිසිකල් හොද උදාහරණයක්.
ලුම්පත්වාසීන්ට තමුන්ගෙම කියලා දේවල් කවදාවත් තිබිලා
නැහැ.ඒ අයගෙ ගෑනු වුණත් හැමදාම අනුන්ගෙ.බැන්දත් නැතත් ඒකෙ වෙනසක් නැහැ. අඩුගාණකට
භෞතික දෙයක් ගත්තත් කලිසමවත් බේරගන්න බැරි පරිසරයකදි කොයිදේ වුණත් තමුන්ගෙම වෙන්නෙ
සුළු මොහොතකට විතරයි.කොයි දේත් එහෙමයි..අනුන්ගෙ...අනුන්ගෙ..ඒ හන්දා අනුන්ගෙ
වාහනවලින් කාපට් පාරවල්වල කරණම් ගහද්දි සමහර වෙලාවට අතපය විතරක් කැඩිල රියදුරා බේරෙනවා.ඒ
ඉතිං එහෙමත් වෙලාවට. ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙ මගියා මගින් බැස්සට පස්සෙ වාහනේ
අතුරුදන් වෙලා,රියදුරා අලුවෙලා, පාරවල් විතරක් කරණම් ගහන එක.
සර්පයාගේ
දියණිය


No comments:
Post a Comment