Monday, December 14, 2015

පළමුව හපා පසුව හැමිනෙන පොලිස් බල්ලන්ගෙන් සදාතනිකව බැට කන 
ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය..



සාමාන්‍යෙයෙන් මම කුණුහරප නොලියමි.එහෙත් අද නම් නොලියාම බැරිය.ඒ ගැන කමාවෙන්න.අද දවසේ පැවති උද්ඝෝෂනයකදී උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් ගුටි කෑ දසුන් දුටු මම එක දිගට පැය භාගයක් බිත්තිය දෙස බලාගෙන පොලිස් කබායක් සිහිපත් කරමින් කුණුහරප තොගයක් විද්දෙමි.එය සාමාන්‍යෙයෙන් නාරි දේහයක් සිතේ මවා ගෙන ස්වයං වින්දනයේ යෙදෙන පිරිමි මනෝමූලයකට සමාන අවස්ථාවක් වුව කොරන්නට දෙයක් නැත.භාවිත කුණු හරප ටික මදි බව දැනුන පසු ව්‍යවහාරයේ පවතින සියළු කුණුහරප රී මික්ස් කරමින් අලුත් එව්වා හද හදා කියෙව්වෙමි.ලියන්නට හිතුවේ ඒ ආවේගය මදක් සංසිදුණු පසුවය.
ලංකාවේ අධ්‍යාපනය යනු ඇත්තටම චොකා බයිලාවකි.එය මුල පටන්ම එක්කෝ හැදිය යුතුය.නැත්තං හැදි ගෑවිය යුතුය.උසස් පෙළින් මරා තලා පෙලා විශ්ව විද්යාල තුළ වසර හතරක් මඩවා කොටසක් උපාධියය කියා උන්ටත් රටටත් පලක් නැති ඒ පෝ සයිස් කොළයක් ගෙන මොන ලබ්බක්වත් නැතිව එළියට බහිද්දී, එස් තුනට පංති ගොස් එවැනිම සහතිකයක් ගත් තවත් පිරිසක් අර කන කට්ටෙන් දශමයක් නොකා ඒ ගොඩටම එකතු වෙති.අවසානයේ මේ දෙගොල්ලෝම සමානයෝය.ඒත් කමක් නැතැයි සිතමු.එහෙත් වෘතිය පදනමක් නැතිව උන්ට වැල්ලේ බෙදන්නට යයි කියා ඇට පැකට් දීමේ සිටම වෘෂභ පාලක පංතිය සිදු කරන්නේ කුමක්ද? කිසිදු පිළිවලක් නැති මේ ක්‍රමය තුළ රජයේ භාණ්ඩාගාරයට කීයක් හෝ උවමනා වූ විට පුරප්පාඩු තුනක් පමණක් තියෙනා වෘතියක් ගැසට් කොට පනස්දාහකට පමණ මහා පරිමාණ විභාගයක් තියයි.එහි ගාස්තුව රුපියල් 400ක් හෝ ඊට ඉහළය.ඉතිං ඕකට පංති ගොස් කල්පයක් බලා හිටියත් කවදාවත් ගත්තු එකෙක් නං හමුවී නැත.ඉතිං මේ අවිනිශ්චිත අනාගතය කර ගසාගෙන වුවත් කුමක් හෝ තම දරුවන්ට උගන්වන්නට මව්පියන් වෙහෙසෙන්නේ ඉගනීමෙන් ජීවිතය දිනිය හැකිය යන අවාසනාවන්ත මතය ඔවුන් සතු නිසාය.
මම රජයේ පත්වීම ලද 2012 වර්ෂයේදී ද එච්.එන්.ඩී ඒ සිසුන් මා සමගම එකම පොලිමේ සිටියාහුය.ඔවුන්ව මුලදී මෙම පාඨමාලාව සදහා බදවා ගන්නා ලද්දේ එය උපාධියට සමාන බවක් පවසමිනි.නමුත් එදා සම්මුඛ පරීක්ෂණයේදී උපාධිය සහ ඩිප්ලෝමාව යනු දෙකක් යයි වැඩිදුර පහදා ඔවුන් යළි හරවා යවද්දි මසිත ඉතිරි වූයේ මහත් දුකකි.මා පත්වීම් ලිපිය රැගෙන එලියට එනතෙක් ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ඉදිරි දොරටුව ළග එසේ ප්‍රතික්ෂේප වී සිටි එක් යුවතියක් එක් වරම අතින් සන් කර මට නවතින ලෙස ඉගි කලාය.ඉතින් මම නැවතුනෙමි.
ඔයාට පත්වීම හම්බවුණා නේද? අපිට දෙන්නෙ නැහැ කිව්වා...මම යුවතියගේ මුහුණ දෙස බැලීමි.ඒ දෙනෙතේ කදුලුය.ඔයාට පහුවෙලා හරි හම්බ වේවි..මම දුකින් කෙදිරි ගෑවෙමි...ඇය නිහඩව බලා සිට සෙමෙන් කෙදිරුවාය..කමක් නෑ. ඒත් ඔයාගේ පත්වීම් ලිපිය මට පෙන්නන්න මට ඒක දකින්න ආසයි..මම වෙව්ලන අතින් එය ඇය වෙත පෑවෙමි.යුවතිය එය රැගෙන ගොස් දුන්නේ ඇගේ දෑස නෙපෙනෙන අම්මාටය.අඳ මවුන් කිසිවක් නොදැන ඒ කඩදාසිය පුරා දෑගිලි යවා එය සිපගෙන සිනාසෙද්දී මම කෑගසා හැඩුවෙමි.
බාහිරව පිරිනමන උපාධියට වඩා එන්.එන්.ඩී ඩිප්ලෝමාධාරීහු කිසියම් කට්ටක් කති.බාහිර හෝ එච්.එන්.ඩී හෝ මාළඹේ වැනි පුද්ගලික විද්‍යාලයක් හෝ කුමන හෝ මගුලක් අරඹද්දී කිසියම් බලාපොරොත්තුවක් දෙමාපියන් සහ දරුවන් තුළ ඇති කර එය සිදු කරන්නේ නම් ඒ සදහා ඔවුන් තම ජීවිතයේ සියල්ල කැප කළ පසුව ඒ සියල්ල විනාස කරන්නේ ඇයි? අපි පොහොසතුන්ගේ දූ පුතුන්ට වෛර කළ යුතුය යන මතය මා තුළ නැත.මාළඹේ සිසුන්ද එච් එන්. ඩී.ඒ. සිට විශ්ව විද්‍යාල ඉතිහාසයේ පටන් සෑම ශිෂයයෙක්ම වෘෂභ පාලක පංතියෙන් සදාතනිකව බැට කෑවෝය..මමද ගුටි කා කුණුහරප අසා ඇත්තෙමි.ජපුරේ කුකුල් කූඩුව ළග සමුහ මිනීවල දුටු දා පටං මට කාකි සූට් පෙන්නන්නට බැරිය.
ඉතිහාසය පුරා විශ්ව විද්‍යාල ශිෂ්‍යයා සිදු කළ වරද වූයේ තමන් මගට ඇරලවා පලායන පාලක පන්තියෙන් සුබවාදී ගමනාන්තයක් අයැද සිටීමයි.එහෙත් ඒ ගමනාන්තය මරණය හෝ තිරිසන් ප්‍රහාරයක් නොවේ.ශීෂ්‍ය ගැටලු විසදීම හා පොලීසිය අතර ඇති අන්තර් සම්බන්ධය කුමක්ද යන්න මට නං ගැටලුවකි. මව්,පිය, අඹු ,දරු, ශීෂ්‍ය සහ ගුරු වශයෙන් මිස ශීෂ්‍ය සහ පොලිස් සම්බන්ධය ඇත්තේ ශ්‍රී ලංකාවේ විතරමය. තමා තෝරාගත් පාඨමාලාවේ ගැටලුව පිළිබද ශීෂ්‍යයා කරන මානුෂීය අරගලයේදී ඔවුන්ගේ ගැටලුවට මැදිහත් විය යුත්තේ ලොකු පුටු රත් කරන ආචාර්ය යයි කියන උන්දලාය.උන්ට පාලක වෘෂභයන් හා කතා කොට සිය දරුවන් වෙනුවෙන් පෙනී සිටීමට කෂේරුකාවක් තිබිය යුතුය.උන්ගෙන් බහුතරයකගේද මෙව්වා කෙලින් වන්නේ තරුණ ශීෂ්‍යාවන් ඉදිරීපිටදී පමණක් වීම ඛේචවාචයකි.
ආණ්ඩු මාරු වීමේදී පාලමක් මෙන් එක එකා තමන්ට වමාරන්ට පුරාවෘත ඉතිරි කරගන්නේ මෙවන් කතන්දර හරහාය.පොලිසිය අධ්‍යාපන අමාතයංශයට එක්කෝ බද්ධ කර සෘජුව ශිෂ්‍ය ගැටලු වෙනුවෙන් ඉදිරිපත් වන වාතාවරණයක් සකස් කළ යුතුය.එතනදී මේ බදවා ගන්නා උන්ගේ ජාතකය නං පොඩ්ඩක් බැලිය යුතුමය.මෑණීවරු බල්ලන්ට හැමිනී ජාතක කළ එවුන් පොලිසියට ගත්තොත් වන විනාසය ඉහත ජායාරූප වලින් පෙනෙන බැවින් කොටදෙණියාව පොලිසියේත් ජිං ටෙක් එකෙත් සහය ගෙන මිනිහෙකුත් ගැහැනියෙකුත් නිදී වැදී ජාතක කරන මොලේ එක්කම මනුස්සකමත් තියෙන එවුන් කොට්ටාසයක් පොලිසියට බදවා ගත යුතුය.මෙව්වා ගැන සැලකිලිමත් නොවුනොත් ජනාධිපති තුමාගේ බිරිදටත් හොම්බ ගැලවෙන තුරු තලන තරමට පොලිසියේ තේජස උතුරා පිටාර ගලනු නොඅනුමානය.


සර්පයාගේ දියණිය

No comments:

Post a Comment