අහිංසක
අංගුලිමාල කිරීමේ පොලිස් න්‍යාය සහ
කොණ්ඩයා
ජීසස් කිරීමේ ඩාවින්සි න්‍යාය
පහුගිය
කාලෙ ගත්තම එක දිගට මිනී මැරුම් සහ ස්ත්‍රී දූෂණ..බල්ලො බළල්ලු මරනවටත් වඩා
ලේසියෙන් මිනිස්සු මිනිස්සුන්ව මරන්න පුරුදු වෙලා. තමුන් විසින්ම තමුන් විනාස
කරගැනීම න්‍යායක් විදිහට මිනිස්සු පාවිච්චි කරන තත්වෙට ඇවිත් තියෙන්නෙ ඇයි කියන එක
නොහිතා, මල එකාගෙ භූමදානෙන් පස්සෙ වෙච්ච
සිදුවීමේ පශ්චාත් මරණ පරීක්ෂනය මාධ්‍යයට ඕන විදිහට කරන එක නං ටිකක් විතර අවුල්
සහගතයි. හොඳ, නරක වගේ අනිර්වචනීය පද භාවිතා
කරමින් සමාජීය සංසිද්ධියක් සාකච්චා කරන එක කොයි තරං දුරට හරිද වැරදිද කියන්න මම
දන්නෙ නැහැ.කොහොම කොහොම හරි මේ වගේ සිද්ධියකින් පස්සෙ බොහොම හොද මිනිහෙක්, හොද නරක දෙකම කවලම් දෙතුන් දෙනෙක් සහ අන්තිම නරක
මිනිහෙක් ඉතිරි වෙනවා.
ඉතිං මේ
සිද්ධ වෙන සේරම දිහා බලං ඉන්න සමාජයෙ විවිධ ස්ථර , ඊට පස්සෙ වෙන වෙනම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සමාජය
හොද කිරීමේ සාමූහික අරමුණ වෙනුවෙන් තමන් තනි තනිව ක්‍රියාත්මක වීමෙ නිෂ්ඵල භාවය
තේරුණත් මිනිස්සු නොතේරුනා වගේ ඉන්නවා.මුලින්ම මාධ්‍ය කාරයෝ ටික මිනිය විකුණනවා, දේශපාලකයො ටික සිද්ධිය හරහා ප්‍රසිද්ධියට ළගා වෙනවා, කේන්දර කාරයෝ ටික අහසෙ ඉන්න ග්‍රහ තාරකා වලට වැරැද්ද
පටවනවා, හාමුදුරු ගොල්ලො තමුන්ගෙ බණ
සීඩී එකේ ලේටස්ම වර්ෂන් එකට මේ වගේ උණුසුම්ම සිද්ධි පාවිච්චි කරනවා, දොර මඩලාවට එන්න වාසනාව ලබාපු , පස්සෙ හොරු විදිහට හිරේ යන්න මග පාදගත්තු තේල් බේත්
වෙලෙන්දො, ප්ලාස්ටික් සැත්කම් කරන දොස්තරලා, නර්ස් නෝනලා , මාලු
මාමලා වගේ මෙකී නොකී තරා තිරම් වල උදවිය තම තමන්ගෙ නැණ පමණින් ප්‍රශ්ණෙ සාකච්ජා
කරනවා. ඕක මේ නවීන තාක්ෂණය එක්ක වෙච්ච අවුලක්, ගංජ
වවන්නෙ ඇයි ලංකාවෙ..ටෙලි නාට්‍ය බලන අම්මල තමයි විනාසෙ, මේ ආදරයයි තහනං කරන්න ඕන...එයාලා ටී.වී එකට ඇවිත් දෙන විසදුං
දිහා උයන පිහන එව්වා අත පහු කරන් වැඩි පුරම බලං ඉන්නෙ ගෑණු උදවිය. සිද්ධිය
මාරයි... කාල හමාරයි... බැදුමක් කරවෙද්දි දුවන තැනින් සම්පූර්ණ සිද්ධියටම බැදිච්ච
එයාලගෙ අවධානය ඉවරෙටම ඉවරවෙනවා. ඊට පස්සෙ දවසක් දෙකක් ගියාම සමාජයම පූර්ණවශයෙන්ම
නිශ්ශබ්ධයි.ඊට පස්සෙ ආයෙත් අලුත් එකක්.සිද්ධිය අළුත් වුණාට සංසිද්ධිය පරණ එකමයි.
මේක
හරියට ආහාර දාමයක් වගෙයි.පොඩි වෙනසකට තියෙන්නෙ බලය තියෙන අනුපිලිවලට මල මිනි බුදින
එක. (ආහාර දාමයෙදි පොඩ්ඩව ලොක්ක කන්නෙ පණ පිටිං) ඒත් මට තියෙන ප්‍රශ්නෙ මේ වගේ
සංසිද්ධි ඇතුළෙදි කලාකාරයගෙ භූමිකාව මොකක් වෙන්න ඕනද කියන එක.ඌත් බෝඩ් ලෑලි උස්සන්
කොටුවට ගිහිං කෑගහලා ඇවිත් මාසෙකට එකක් ගානෙ මොකක් හරි ප්‍රඩක්ෂන් එකක් එළියට දාලා
පාඩුවෙ ඉන්නවනං සමාජ ඛේදවාචකයකින් ඉපදිච්ච හැගීම් වලින් ඇති වැඩක් තියේවිද? සිවිල් ප්‍රජාවට වගේම කලා කාරයටත් සමාජ ඛේදවාචකයකින්
පස්සෙ ඇති වෙන්නෙ ක්ෂණික උත්තේජනයක නටබුනක් විතරක් නම් කලාව කියල දෙයක් ගැන අපි
තවත් විස්වාස කරන්න ඕනද? නිර්මාණයක් වෙනුවෙන් ඉවසීම සහ
සොයා යාම කියන එක ප්‍රගුණ කරන කිසියම් කලාකරුවෙක් අපි අතර ඉන්නවනම් ඒ කෙනාට
කොණ්ඩයා පේන්න ඕන වෙනස්ම වෙනස් විදිහකට.(කොණ්ඩයා වැරදි කරු නං) බ්ලූ ෆිල්ම් බැලුවා
කියලා අහිංසක අංගුලිමාල කරන්න බැදිච්ච සදාචාරසම්පන්න ව්‍යුහයක ඉදන් මේ සමාජෙ ඇතුලෙ
නිර්මාණයක් වෙනුවෙන් නන්නත්තාර වෙන්න කැමති කවුරු හරි ඉදීවි කියන විස්වාසයත් එක්ක
මං මේක ලියන්නම්.
මේක
බොහොම පැරණි කතාවක්.ඒ 1499 වගේ කාලෙක.ලියනාඩෝ ඩාවින්සි
හෙවත් මොනාලිසාගේ අයිතිකාරය එක්ක බැදිච්චි එකක්.. ඩාවින්සි මට වැදගත් වෙන්නෙ
මොනාලිසාගෙන් නෙමෙයි. ඔහු නිර්මාණයක් කියන්නෙ මොකක්ද කියන සංකල්පෙ සත්‍ය වශයෙන්
තේරුං ගන්නෙ මිලාන් වල ශාන්ත මේරි දේවස්ථානයෙ ( Santa Maria Delle
Grazie) තියෙන අන්තිම භෝජන සංග්‍රහය( Last
supper) තුළින්. ඇත්තටම ඉවසීම සහ සොයා යාම තුළින් අපට ලබා ගන්න
පුළුවන් මොනවද?
අන්තිම
භෝජන සංග්‍රහය කියන්නෙ ජේසුස් වහන්සෙ තමන්ගෙ අවසාන මොහොත තේරුං අරන් තමන්ගෙ ළගම
ඉන්න ගෝලයො රොත්තට සංග්‍රහයක් කරන මොහොත.මේක ටිකක් විතර සංවේදී එකක්. උන් වහන්සේ
තමුන්ට කන්න තියෙන රොටිය කඩල දෙනව මේ මාගේ මස්ය කියලා. තමුන්ට බොන්ට තියෙන වයින්
ටික දෙනවා මේ මාගේ ලේය කියලා. හැම දේශපාලකයෙක්ම මේ වගේ අවසාන භෝජන සංග්‍රහයකට
මුහුණ දෙනවා.බල පෙරලියකට කලින්. සාමාන්‍යෙයෙන් ඕනම තැනක සිද්ධ වෙනවා වගේ ගෝලයො
දොලොස් දෙනා අතරෙන් එක්කෙනෙක් (ජුදාස්) අද දවසෙ තමන්ව පාව දෙන බව ජේසුස්වහන්සෙ
දැනන් ඉන්නවා. ඒත් උන්වහන්සෙ ද්‍රෝහියා සහ මිත්‍රයා කියන එකේ අන්තරය හොයන්න යන්නෙ
නැහැ.රොටිය සමානව බෙදුවා.වයින් ටිකත් සමානව බෙදුවා.
මේ
වෙලාවෙ ජෙසුස් වහන්සෙ වගේම ජුදාසුත් ඉන්නෙ අතිශය සංකීර්ණ මනෝ මූලයන් ගොන්නක.දෙන්නට
දෙන්න කියවගන්න බැරිව.එක්කො තම තමනුන්ගෙ හිත් අනෙකා විසින් කියවයි කියන බයත් එක්ක.
මේ වගේ සංකීර්ණ මනෝමය තත්වයක් සිතුවමකට හරවන එක හිතාගන්නවත් අපහසු දෙයක්.ඉතින්
ඩාවින්සිට අන්තිම භෝජන සංග්‍රහය අදින්න පවරපු වෙලාවෙ ඔහු කලේ පල්ලියෙ තෝර ගත්ත
මුල්ලක් බලලා කිසි කතාවක් නැතිව ජේසුස් වහන්සෙගෙ ගෝලයො දොලොස් දෙනාගෙන් එකොළොස්
දෙනෙක්ව අදින එක..මොකද මේ එකොළොස් දෙනාම හොද නරක දෙක අඩු වැඩි .වශයෙන් සංකලනය
වෙච්චිසාමාන්‍ය මිනිස්සු.එහෙම චරිත ජීවිත කාලයක් පුරාම ඇසුරු කරපු නිසා අදින එක
එච්චර අපහසුවක් වුණේ නැහැ.දැන් චිත්‍රයේ හිස් තැන් දෙකක් ඉතිරි වෙලා.එකක් ජේසුස්
වහන්සෙගෙ භූමිකාව.දෙවැන්න ජුදාස්ගෙ භූමිකාව. ජේසුස්වහන්සෙ කියන්නෙ කාටවත් කිසිම
වරදක් නැති කෙනෙක්.කැඩපතක් වගේ පිරිසිදු හදවතක් තියෙන ඒ හදවතේ දීප්තියෙන් බබළන
නිර්මල දෑසක් තියෙන කෙනෙක්.තමාට ජීවිතේටම එහෙම කෙනෙක් හමු නොවුණු බව ඩාවින්සිට
කල්පනා වුණා.හැම මිනිහෙක්ම හොද නරක වශයෙන් මිශ්‍රයි. කොහොමද අමිශ්‍ර මිනිහෙක්ව මම
හොයන්නේ.කවදාවත් නොදැකපු ( දැනට අභව්‍ය වගේ හැගෙන දැනෙන ) දෙයක් ගැන නිශ්චිත
උපකල්පනයක් ගන්න ඔහුට අමාරුයි.ඉතිං ඔහු චිත්‍රයේ හිස්තැන් දෙක එහෙමම ඉතිරි කරලා
යන්න යනවා. හැබැයි ඔහු මේ හිස්තැන් දෙක තිව්වෙ කිසියම් වාස්තුමය සිද්ධාන්තයකට
අනුව.ඒ කියන්නෙ ඒ හිස්තැන් දෙක නරඹන්නෙකුට පේන්නෙ දේවස්ථානයෙ එක් තෝර ගත්ත
කෝණයකින් බැලුවහම විතරයි.අනෙක් පැති වලින් බැලුවම එකොලොස් දෙනෙක් කන බොන සිද්ධියක්
විතරයි පේන්නෙ.අපිට අපේ ජීවිතේ හිස්තැන් වුණත් පේන්නෙ එක්තරා කෝණයකින් බැලුවම
විතරනෙ.ඩාවින්සි විශිෂ්ඨයෙක් වෙන්නෙ වාස්තුමය ශිල්පක්‍රම හරහා මවන මෙන්න මේ යටිපෙල
අරුත් වලින්.
ඉතිං
ඔන්න දැන් අමරුම වැඩේ.ඒ තමයි ජේසුස් වහන්සෙව අදින එක.ඒත් කොයි තරම්ම උත්සහ කළත් මේ
තරම් නිර්මල හදවතක් තියෙන මුහුණක් මවා ගන්න තියා හිතා ගන්න වත් බැහැ.හැම එකාටම අඩු
වැඩි වශයෙන් කුහක කම මිශ්‍ර වෙලා.ඉතිං වැඩිදුර හිතන එක නවත්තලා ඔහු යනවා ගම් නියම් ගම් වල.විවිධ මිනිස්
මුහුණු නරඹමින්.ඒත් කොතනකදීවත් ඔහුට තමා සොයන නිර්මල මුහුණ මුණ ගැසෙන්නේ නැහැ.
දැන් චිත්‍රය ඇදලා අවුරුදු දහයක් ගෙවිලා ගිහින්.ඒත් ජේසුස් වහන්සේගෙ තැන තාමත්
හිස්. දසවැනි අවුරුද්ද අවසාන භාගය වන විට චිත්‍ර ශිල්පියා හෙම්බත් වෙලා. ඒත් ඔහු
යනවා ඈත ගම්මානයක ඇවිදිමින්.ඔහුට බොහොම තද පිපාසයක් එනවා.ඉතිං ඔහු යනවා පුංචි
පැලක් ගාවට.එතනදි ඔහු දකිනවා අවුරුදු දොළහක පමණ කුඩා පිරිමි දරුවෙක් පියාපත්
බිදුණු පරවියෙක්ව අතේ තියං ඌට ආදරෙන් වතුර පොවනවා.ඩාවින්සි ඒ දරුවගෙ මූණ දිහා
බලනවා.ඒ මුහුණ කුහකත්වයෙන් මුලුමනින්ම බැහැර වූ අතිශය නිර්මල වූවක්.ඒ දරුවට
තියෙන්නෙ පළිගු මිණක් වගේ බබළන දෑසක්.ඒ දෑසෙන් පේන්නෙ අතිශය පිරිසිදු හදවතක්. ඔහු
පුදුම වෙනවා. ඊට පස්සෙ ඒ දරුවව ලගින් තියා ගෙන ඒ මුහුණ දිහා බලං ඔහු ජේසුස්
වහන්සෙව අදිනවා.දැන් සිත්තමේ තිබුණු එක හිස් තැනක් පිරවිලා ඉවරයි.
ඒත් දැන්
ඉතිරිවෙලා තියෙන්නෙ කරන්න අමාරුම වැඩේ.ඒ තමයි නරකම මිනිහෙක් මේ ලෝකෙන් හොයා ගන්න
එක.ඇත්තටම එහෙම මිනිස්සු ඉන්න පුලුවන්ද? ඉතිං
මුලින් වගේම ඩාවින්සි ඇවිදිනවා.රට පුරහම. ඒත් හැම නරක මිනිහෙක්ගෙම ඇස් ඇතුලෙ
කරුණාවෙ දීප්තියක් දැල්වෙනවා.ඉතිං ජුදාස් වගේ පාවා දෙන්නෙක්ට ඒ වගේ ආකෘතියක් ගන්න
බැරිව ඔහු අසරණ වෙනවා.ඉතිං වීදි වල, මුඩුක්කු
වල, බාර් වල හැම තැනම ඇවිදිමින්
නරකම එකෙක් හොයනවා.මේ විදිහට තවත් අවුරුදු 17ක්
ගෙවෙනවා.17 වන අවුරුද්ද අවසානයෙ ඔහු දවසක්
දකිනවා තැබෑරුමක රණ්ඩු වෙන මිනිහෙක්ව. ඒ මිනිහගෙ ඇස්වල තියෙන්නෙ දුෂ්ඨ කමම
විතරයි.වෙන කිසිම දෙයක් නැහැ.ඉතිං ඩාවින්සි කියනවා මං ඔහේට බොන්න ඕන තරං සල්ලි
දෙන්නං.පුලුවන්නං මෙන්න මේ පල්ලියට එන්න..ඒත් ඔහු අදිමදි කරනවා.ඒත් අවසානයෙ ඔහු ගෙ
කැමැත්ත මත ඒ දුෂ්ඨ ඇස් දෙක දිහා බලං ජුදාස්ව අදිනවා.චිත්‍රය ඇදල ඉවර වෙච්ච ගමන්
මම අර කිව්ව කෝණයට ගිහිං ඒක දිහා බලං ඉන්න ගමන් දුෂ්ඨ මිනිහා පොඩි දරුවෙක් වගේ
අඩන්න ගන්නවා.
ඇයි..ඔබ
අඩන්නෙ,පොරොන්දු වෙච්ච ගාණ මදිද? ඩාවින්සි අහනවා.
මම මහ
කාලකණ්නි මිනිහෙක් මහත්තයෝ.මීට අවුරුදු 17 කට
කලින් අර පින්තූරෙ අදින්න ආවෙත් මම.ඔහු ජේසු තුමාව ඩාවින්සිට පෙන්නලා කියනවා.
ඉතිං
ජේසු තුමා තුළ ජුදාස් වත්, ජුදාස් තුළ ජේසු තුමාවත් දකින්න
පුලුවන් සැබෑ කලා කාරයෙකුට.පසු කාලීනව සතුරු ප්‍රහාර මේ සිතුවමට එල්ල වුණත් ඒ
සිත්තමේ ජේසු සහ ජුදාස් ව විනාස නොවුණ එක හේතුවක් තිබුණා.ඒ තමයි නිර්මලම මිනිහවත්, දුෂ්ඨම මිනිහවත් පේන වාස්තු විද්‍යාත්මක කෝණය
කැරලිකාරයන්ට මගහැරීම.කොණ්ඩයාවත්, නිදොස්
එකාවත් දකින හරි කෝණය හොයා ගන්න නං මේ කැරලි කාරයන්ගෙන් ඈත් වෙලා කලා කරුවා හුදකලා
මාවතක දිගු කාලීන සරන්නෙක් වෙන්න ඕනෙ. එදාට ඔහුට නිත්‍ය වශයෙන්ම හොයා ගන්න පුලුවන්
වේවි ඇත්තටම කොණ්ඩයා කවුද? සුන්දර මිනිහා කවුද කියන එක.
සර්පයාගේ දියණිය

No comments:
Post a Comment