මැගී
ඉන්ස්ටන්ට් , බුක් ෆෙයාර්, සෙල්ෆි, දිල්බර්, අයි ඩෝන් නෝ සහ බුදු අම්මෝ
මට
නං සෘතු භේදය දැනෙන්නෙ පායලා වතුර නැතිවෙනකොටයි වැස්සට තෙමෙනකොටයි විතරයි. එතනින්
එහා එකපාර උත්තතේජයක් ඇවිත් මාර ගැම්මෙං වැඩ කරන්ට සිද්ද වෙච්චි අවස්ථා මගෙ ජීවිතේ
බොහොම අඩුයි.ඒත් බුකියේ සරන අතර වාරයෙ මං දැක්කා සාහිත්‍යය මාසය, සාහිත්‍ය උත්සව, පොත්
ප්‍රදර්ශන වගේ එව්වා මෙව්වා වචන ටිකක්.දැං ලංකාවෙ සාහිත්‍යය මාර ෆෝවර්ඩ් ඇති නේද? මට හිතුනා.ඒත් මං සාහිත්‍යකාරයෙක් නොවන නිසාත් ඔව්වට
නොයා පොතක් කියවන්ට හිතුනම හුදකලාව සාප්පුවකට ගිහිං ගන්ට පුරුදු වෙලා හිටපු
හන්දාත් මට කවදාක්වත් ඔය දේවල් ලොකුවට දැනිලා නැහැ.අද මං ප්‍රවීණ කලාකරුවෙක් වූ
...මහත්තයගෙන් නිකමට මෙන්න මෙහෙම ඇහුවා...
........
මහත්තයා පොත් ප්‍රදර්ශනේ බලන්ට ගියේ නැත්ද?
ඒක
බලන්න තරං වටින එකක්ද?පොත් බලපු එවුනුයි ගත්තු
එවුනුයි දාපුවා දැක්කම ඇතිවන අප්රියාව එක්ක මට යන්න හිත දුන්නෙ නැහැ.
ඒ
කමෙන්ටුවෙ පවර් එක හන්දාම මගේ අතින් ලයික් බටන් එක තුන් පාරක් එබුනා.
ලමයො
යන්ට ..... ගෘෘප් එකට පොඩ්ඩක්...ඒ මහත්මයා කිව්වා...
ඉතිං
මං කුලුදුලේ අද හවසම ඒ ගෘෘපයෙ සාමාජිකයෙක් වෙලා ටිකක් ඒ වෝල් එකේ එහෙ මෙහේ සැරි
සැරුවා. බුදු අප්පේ... හරියට සුනාමියක් ආවම...සුලි කුනාටුවක් කරකැවුනම, ඒ කුණාටුවෙන් මාලු අහිනක් ගමකට ඇදං වැටුනම වගේ ජංජාල
ගොඩයි. එක එක්කෙනා තම තමුන් ගත්තු පොත් වල කලර් පොටෝ ගහල දාලා. සමහර එවුවන්ට
සංතෝෂය දරා ගන්න බැරි තරම්. ජීවිතේටම ගෑනියෙක් නොදැක්ක එකෙක්ට ගෑනියෙක් හම්බවුනා
වගෙයි සමහර අයට...
45
mins • Edited ආපු ගමන් නොයිවසිල්ලෙන් ඇඳ උඩ පෙරලගත්තා................
ආදරෙන් මේසෙ උඩ පෙරලගත්තා.......... අත ගෑව... හාදු දුන්නා ඒත් මදි
.................. තව දෙතුන්වතාවක් වත් විඳින්න ඕන......... කබඩ් එකට දාන්න කලින්
... පස්සෙ හෙමින් කියවන්න
හපොයි...බුදු
අම්මේ...පොතක් දැක්කම මෙහෙමත් හිතෙනවද? මට
ඉස්ඉස්සෙල්ල මගේ ආදරවන්තය හම්බවෙච්ච දාවත් මෙහෙම හිතුනෙ නැහැනෙ අම්මපා...ඇත්තටම
සාහිත්‍යය සහ පොත් ගැන මගේ මතය යල් පැන ගිය එකක් වෙන්න ඇති. මම හෙමින් වෝල් එකේ පහලට
පහලට ගියා.
feeling
crazy
2 hrs
‘උදව්වට අඩගහ ගන්න හෙම කෙනෙක් නැද්ද තුන් දෙනෙක් ඉදලත් අරන් යන්න බැ පොත් ටික’
2 hrs
‘උදව්වට අඩගහ ගන්න හෙම කෙනෙක් නැද්ද තුන් දෙනෙක් ඉදලත් අරන් යන්න බැ පොත් ටික’
‘හයියෝ තවත් සිහිනයක් බොඳ වන ළකුණු... බුක් ෆෙයා එකේ
ගොඩක් කුටි වල කාඩ් පේමන්ට් නෑ කියන්නෙ...තේරෙන්නෙ නැහැ ඇයි මේ මිනිස්සු කෑශ්
පේමන්ට් විතරක් ගන්නෙ ඇයි කියලා..එහෙනම් ඔයාල හැමෝම යන්න..ගිහින් පොත් වල ෆොටෝ
දාන්න..මම ලයික්ස් දාන්නම් ....කාඩ් පේමන්ට් තියෙන අය ගැන ගියපු අය පොඩ්ඩක් කියනවද?’
එක
නෝනා කෙනෙක්ට උස්සන් යන්න බැරි තරං පොත් ගත්තු එකේ වේදනාව. තවත් මහත්තයෙක්ට ප්‍රශ්නෙ
කාඩ් පේමන්ට්.එයාගෙ අහිමිවීමේ සාංකාව විසින් කියනවා කමක් නෑ ඔයාල පොටෝ ගහන්න මම
ලයික් දාන්නම් කියලා.ඕක හරියට ගම්පෙරළියෙ නන්දා අල්මාරියට ලියුම් දැම්ම සීන් එකට
සමානව අපේ ජෝතිපාල මහත්තය ගායනා කරන මෙන්න මේ සිංදුව වගේ එකක්. නැත්ද මං අහන්නෙ
‘ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා - ඉහ ඉද්දර මම ඉන්නං
පවං සල සලා..’
‘තරුණ ජෝඩුවක් හුදකලා වුනාම ඇත්තටම මෙහෙම ඉදීද? ඕකට කියන්නේ සාංකාව.රැලි දිගහැරීමේ
දුක.බුල.ශෝකය.ඇම්ම....’
මට
වෙලාවකට හිතෙනවා මං ඇත්තටම කොහෙද ඉන්නෙ කියල.සමහර මගෙ හිතවත් ලේඛක මහත්තුරු
අමනාපත් වෙනව මං එක්ක.මොකද එයාල නිර්දේශ වුනාම මං සුබ පතන්න ලේට් වුණ එකට.එහෙම
ලේට් වෙන්නෙ මට මුලදි හිතෙනවා එහෙම නිර්දේශ වෙන එක මහ ලොකු දෙයක් නෙවේ කියලා.ඒත්
පහුවෙලා යාලුවා නිසා මම සුබ පතනවා ( මගෙත් රැලි ෆැන්ටසිය) ඉතින් උං බනිනවා.ඔයා මොන
ලෝකෙද හිටියේ කියලා.ඒ කියන්නෙ දැං ඉන්න ලේඛකයො බලාපොරොත්තු වෙනවා තමං මේ තුන්ලෝකෙම
ප්‍රසිද්ධ වෙන්න ඕනය කියලා.මට මතක් වෙනවා අර අවුකන ප්‍රතිමාව හදපු නිහඩ
කලාකරුවව.හිතට හීං සාංකාවක් එනවා..
දරුවො
කොහොමද ඒ වෝල් එක... ....... මහත්තයා මගෙන් ෆීඩ් බෑක් එක අහනවා...
‘කියල වැඩක් නැහැ ... මහත්තයා මට නිකං පිස්සු වගෙයි.යන්ට
හිතෙන්නෙත් නැහැ.’ ඉතිං මං ආයෙත් කියෝනවා.කට්ටිය
ලියපුවා.
‘ඕව සාහිත්‍ය කාරයො කරන සංවාදද? ඒ අස්සෙ .... මහත්තය මගෙන් අහනවා...අනේ මන්දා ..මට ආයෙත්
ලයික් බටන් එක දිගටම එබෙනවා....’ඕං
ආයෙ මං වෝල් එක පුරා කරක් ගහනව.
‘හුදකලාවම පොත් ප්‍රදර්ශනයට ඇතුළු වූ මට සියුම් පාළුවක්
දැනුනේ පවුල් පිටින් හෝ පෙම්වතිය සමග ආ එවුන් දැකීම නිසාය.......... එළියේ ATM
යන්ත්‍ර සවි කර තිබුනත් ඒවායින් ප්‍රමාණවත් මුදලක්
ලබාගැනීමට මගේ බැංකු ගිණුම සමත් නොවීය....’
‘ලබන අවුරුද්දෙත් පොත් ගොඩක් ගන්න හිතාගෙන අනවශ්‍ය වියදම්
අඩු කරලා අද ඉදන් අයෙමත් මුදල් එකතු කරන්න ගන්න. එතකොට අනිත් අය ගත්තු පොත් වල රූප
බලලා තමන්ට පොත් ගන්න නොවෙන එක ගැන දුක් වෙන්න ඕනේ නැනේ.
ස්තුතියි.’
ස්තුතියි.’
‘මං මේ කට කහනවට කියන්නෙ. පොත් ගන්න සල්ලි නෑ කියල නහයෙන්
අඬන දෙතුන් දෙනෙක්ගෙ profile වලට
ගිහින් එයාල upload කරල තියන,
tag වෙලා තියන photos බලන්නකෝ. බස් වල දුක කියල දවසට 10000ක් විතර හොයාගන්න හිඟන්නොගෙයි මෙයාලගෙයි වැඩි වෙනසක් නෑ
කියල ඔයාලට තේරෙයි... දෙගොල්ලොම කරන්නෙ බොරුව.
ප.ලි
: ලස්සන ඇඳුම් වලට, ලොකු ලොකු කෑම වලට, මද්‍යසාර වලට, ලොකු
phone වලට
වියදම් කරන්න නම් මෙයාලට මදි නොකියන්න සල්ලි තියනවා. ඒත් පොත් ගන්න නම් සල්ලි
නෑ...’
‘සාහිත්‍යයෙ මාසයේ උපන්දිනය යෙදීම කොච්චර ලොකු වාසනාවක්ද; පොත් තොගයක් අරන් දුන්නා මදිවට ඒ පොත් දාන්න ඉඩ මදි නිසා
අලුත් පොත් කබඩ් එකකුත් ලැබුනා. හැමදාම හබීට දඩ දාන්න ඕන නිසා එයාට වැඩි වැඩියෙන්
ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා’
‘කවුරු හරි මේ පොත ගැන දන්නවද...???
උදේ බස් එකේ හිටිය boy කෙනෙක් ගෙ අතේ තිබුණේ ... පොත ඉල්ලගෙන photo
එකක් ගත්තා.... කියවල තියනවද කවුරැ හරි??’
‘නෝනා මහත්තයා පොතක් පිනට දෙන්න මේ අසරණයාට පොතක් පිනට
දෙන්න !!!
මෙහෙම
කියන අයත් හිටියා book fair එකේ පව්
වැඩේ
’ හපොයි. මගෙ කොන්ද රිදෙන්ට ගත්තා.මං කශේරුකාව කෙලින් කරන්
ටිකක් ඔලුව එහෙම හොදට හෙල්ලුවා. මොලේ නිකං අංජබජල් වෙලා වගෙයි . දිනපතා පොත්
කවරයක් වෝල් එකට නොදැම්මොත් මේ නංගිලට සාංකාව.ඉතිං අහල පහල බෝයි කෙනෙක්ගෙං හරි
ඉල්ලලා පොටෝ එක ගහනවා.මේක කියවීමේ උනන්දුවද? කාගෙන්
හරි ඉල්ලලා ඒ නංගි පොත කියෙව්වනං ඒක වෙනම එකක්.ඒත් මේ නංගිලට ඕනෙ පොටෝ එකක් එක්ක
කැප්ෂන් එකක් විතරයි...ඊට පස්සෙ පොටෝ එක දාලා අහනවා මේ පොත මොකක්ද කියලා කියන්නලු
(කියවල දැන ගනින්කො මං අහන්නෙ) .හරියට අර කංගැට්ටා අල්ලන්ට අපේ මාධ්‍යය කටයුතු කලා
වගේ.මේ බඩකඩුතුත්තුවෙ රිංගලා මාවත් අංජබජල් වුණා.කෝක වෙතත් බී එම් අයි සී එච් එකේ
මැගී නූඩ්ල්ස් එකට මං ආසයි.....මට ආං ඒකෙ සාංකාව ආවා. ගෙදර මැගී එකක් හදලා කනවා.
නිදහස් වෙලාවක ගිහං සරසවි එකෙන් පොත් ටිකක් ගන්නවා...මේක මගේ අවසාන තීරණය.
කෝමද
දරුවෝ දැං ඔයාගෙ තත්වෙ...ඒ .....මහත්තයා...
තත්වෙ
භයානකයි.... මහත්තයෝ... ඔබ එහෙ නොගියෙ හොද වෙලාවට ලේඛකයන්ගෙ සෙල්ෆි ගන්ට වෙනම
පොරයක්..ඔබ තුමා ව දැකපු ගමන් උම්ම දීල බිම පෙරල ගත්තොත් මට හොද යාලුවෙක් නැති
වෙනවා...
නැත
නැත දරුව සාහිත්‍ය සාගරය.... කැළබී ඇත.... බුද්ධිය පිම්බී ඇත........ පොත් කාරයෝ
රැට කාමරත් කුලියට දෙයිද මන්දා..
හප්පට
සිරි....මට ඉබේම කියවුනා..
සාහිත්‍ය
මාසෙ ...බුදු අම්මෝ...ඒක මහ භයානක රැල්ලක්...බලං යනකොට. හරියට උල්කාපාතයක් වගේ.
දිලිහිලා අලුවෙලා කඩං වැටෙනවා....ගොඩක් එවුං බදා ගන්න බැරි තරමට උස්සං අරං යන්නෙ
මල් වවන හැටි, ස්ටේෂනරි, කරවිල තිත්ත නැතිව උයන හැටි වගේ ලට පට.ඉතිං මේවා සාහිත්‍යෙය
උන්නතියට සම්බන්ධ වෙන්නෙ කොහොමද? මට
ආයෙමත් හිතුනා.
පොත්
ගන්න ඉන්න පෝලිම දැක්කම සන්තෝෂයි..
ලන්කාව කියන තරන්ම පිරිහිලා නෑ වගේ නේද?ලේටස්ම නොටිෆිකේෂන් එක ක්ලික් කලාම ඔන්න ඔහොම එකක් මතුවුණා. ඒකෙන් ආපු ක්ෂණික උත්තේජනය එක්ක මං ඩොංගල් එකේ අයිකන් එක ගාවට මවුස් එක ගෙනිහිං ඩිස්කනෙක්ටඩ් බොත්තම පට ගාලා එබුවා.විනාඩි දෙකකින් විතර මගෙ ජංගම දුරකථනය කීං ගෑවා.
ලන්කාව කියන තරන්ම පිරිහිලා නෑ වගේ නේද?ලේටස්ම නොටිෆිකේෂන් එක ක්ලික් කලාම ඔන්න ඔහොම එකක් මතුවුණා. ඒකෙන් ආපු ක්ෂණික උත්තේජනය එක්ක මං ඩොංගල් එකේ අයිකන් එක ගාවට මවුස් එක ගෙනිහිං ඩිස්කනෙක්ටඩ් බොත්තම පට ගාලා එබුවා.විනාඩි දෙකකින් විතර මගෙ ජංගම දුරකථනය කීං ගෑවා.
දරුවා..තාම
පණ පිටිං නේද...ඒ .......මහත්තයා...
සර්පයාගේ
දියණිය

No comments:
Post a Comment